Thursday, November 26, 2009

0 Get Your Own Chat - අපිටම කියලා චැට් රූම් එකක්

අපිටම කියලා චැට් රූම් එකක්

අපිටම කියලා චැට් රූම් එකක් හදන විදිහ මම කියලා දෙන්නම්. අපේ Web Site එකට ඒක දාල යාළුවොන්ටත්
කතා කරල, සෙට් වෙලා චැට් කරන්න පටන් ගමු..

මුලින්ම නොමිලේ අපිට හම්බෙන චැටැන්ගෝ (chatango) එකෙන් චැට් එකක් අපිට ඕන විදිහට, අපේ site එකට ගැලපෙන විදිහට හදාගමු. මේක Click කරලා Chatango එකට යමු.



දැන් Create a public group කියන එක Click කරන්න. ඊට පස්සෙ එන ටික තමන්ට කැමති විදියට ගැලපෙන පාටවල් දාල හදා ගන්න. (step : 1 Create your group)


Chatango එකට Login වෙන්න, නැත්තම් අලුත් Profile එකක් හදාගන්න වෙනවා. ඊට පස්සෙ sign in කරන්න.. (step : 2 Group owner information)



දැන් හදලා ඉවරයි. දාන්නයි තියෙන්න, මෙහෙමයි ඒක කරන්නෙ...
manually past this code into.... කියන එකට යටින් තියෙන code copy කරලා ඔයාලගෙ site එකේ Chat එක එන්න ඕන තැනට paste කරන්න. (step : 3 put this group on your web pages)



ඊට පස්සෙ Page එක Run කරල බලන්න. Chat එක ඇවිත් තියෙයි. මගේ යාලුවෙක්ගෙ Chat එකක් මම මේකට දානව. ඔයලට උදාහරණයක් විදිහට බලන්න. මේක අරුමපුදුම.කොම් එකෙන් අරගත්තෙ..


Thursday, October 22, 2009

0 OPH Crack - View login passwords in XP & Vista



අපි කලින් cmd එකෙන්නෙ lock අයින් කරේ. දැන් වෙන ක්‍රමේකට කරමු.

මම log in password හොයන ක්‍රම හොයන්න ගත්තේ මෙහෙමයි, මම ඉස්සර විනෝදාංශයක් විදිහට computer හැදුවා නෑදෑයින්ගෙ.. තාමත් කිවුවම ඉතින් ගිහිල්ලා බලනවා අවුල මොකක්ද කියල. මොනා උනත් කෙල්ලො තමයි computer විනාසයේ මුල ( විහිලුවට කිවුවෙ ) ඇත්තක් නැත්තෙමත් නෑ ඉතින්. ඔන්න ඉතින් දවසක් මට computer එකක් හදන්න සෙට් උනා. එකට password දාල. Format කරන්නත් බැහැ ෆයිල් වගයක් ඕනලු. කෙල්ලෙක් ලග password එක තියෙනව එත් මට තියා සක්කරයා ආවත් දෙන්නෙ නෑ, මමත් ගේම නම් ගේම කියල GOOGLE කරල හොයගත්තා නියම භාණ්ඩයක්. එකෙන් ඉතින් මම computer ගොඩකම දන්නැති, අමතක වුන password හොයාගත්තා. password වලටත් තියෙනව මරු මරු නම්. මගෙ මනුස්ස කම නිසා ඉතින් එයාගෙ password එක ගෙදර අයට පෙන්නුවෙ නැහැ. අනේ මන්ද හැමෝම දාන්නෙ අන්ජබජල් password තමයි. ඔයාලත් කරලා බලන්නකෝ.

වැඩේට software එකක් ඕන වෙනවා. මේකෙ තියෙන හොදකම තමයි password reset වෙන්නෙ නැහැ. log in වලට දාල තියෙන password බැළුවැකි. බලල ඉතින් එකට ඔයලා කැමති දෙයක් කරන්න. මම නම් මුකූත් කියන්නෙ නෑ. වැඩේ නම් කිරි ගහට ඇන්න වගේ, පොඩ්ඩක්වත් බයවෙන්නෙපා.


OPH Crack මේක තමයි බාගන්න ඕනා. iso ෆයිල් එක සීඩි එකකට Burn කරගන්නත් ඕන. එක ඉතින් කැමති computer එකකට දාල password බලාගත්තැකි. හැබැයි Vista, XP වලට වෙන වෙනම CD තියෙන්නේ, ඔයාලා බලන්න හදන පරිගණකයේ OS එක පොඩ්ඩක් බලලා download කරගන්න.
Download කරගත්තු .iso file එක CD එකකට Burn කරන් ඉන්න. Burn කරන්න magic iso එක දාගත්තනම් ලේසී. Nero එකෙනුත් පුලුවන්. මම බැලුවෙ Nero 8 එකෙන්. අනිත් එවා කොහොමද දන්නෙ නෑ.
දැන් ඉතින් ඔය CD එක පෙන්නල කාව හරි බය කරන එකයි තියෙන්නෙ. ;)

සීඩී එකට burn කරපු ගමන් password එන්නෙ නැහැනෙ. දැන් මෙහෙමයි ඔය cd එක පාවිච්චි කරලා password හොයාගන්නෙ, හොදට අහගන්න.
ඔයාගෙ අතේ තියෙන cd එක rom එකට දාන්න. ඊට පස්සෙ computer එක restart කරන්න ඕන. එකට කලබල වෙන්නෙපා හිමින් සාමාන්‍ය විදිහට restart කරන්න.

ON වෙනකොට ඉබේම (auto) computer එක boot වෙයි.
එහෙම චුනේ නැත්තම් boot from cd drive enable කරන්න වෙනවා (තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න, මම කියල දෙන්නම්).



boot කරාම එන screen එකෙන් ophcrack gaphic mode කියන එක තෝර ගන්න.ඊට පස්සෙ වැඩේ නිකන්ම වෙයි එතකන් ටිකක් බලන් ඉන්න ලස්සන අකුරු වගයක් යනවා. අන්තිමට gaphical screen එකකින් නතරවෙයි. එකෙදි අපෙ password එක scan කරල හොයාගෙන පෙන්නනවා.



පින්තූරෙ රතු පාටෙන් ඇදල තියෙන්නෙ මගේ password ඒක තමයි. ඔයලගේ account name එක ඉස්සරහ මේ විදිහට password එක පෙන්නයි. එක මතක තියාගෙන ආයේ computer එක restart කරලා ඒ account name එක select කරලා මතක තියාගත්තු password එක දෙන්න. log in වෙයි. එච්චර අමාරු නැහැ,
හරි ගියේ නැත්තම් කියන්න. (පින්තූර quality නෑ නේ මොනා කරන්නද ඉතින්, තියෙන පහසුකම් වලින් වැඩේ කරන්නත් එපැයි)

Wednesday, October 21, 2009

0 අමුතු බෝට්ටුවක් හදමු ( Paper boat )



How to Make a Paper Boat - The most popular videos are a click away


මේ බෝට්ටුව මම හදන්න ඉගෙන ගත්තෙ මගේ පාසලේ මිතුරෙකුගෙන් 8 වසරෙදි, මේ බෝට්ටුවේ අමුතුම ලස්සනක් තියෙනව නේද? ඔයාලා එක බලලා තේරුනේ නැතිනම් අහන්නකො මගෙන්. මම කියල දෙන්නම්.

3 XPවලට පාස්වර්ඩ් දාලද? (Xp Tricks)

xp වල Administrator එකට password දාල Lock කරලද? ලේසි ක්‍රම තියෙනව එකෙ password එක අයින් කරන්න.

පොඩි ආබාදෙකට තියෙන්නෙ ඉතින් කලින් පාස්වර්ඩ් එක නැති වෙන එක තමයි. පුරුදු වෙන්නත් එක්ක මේක කරල බලන්න. මම පස්සෙ කියල දෙන්නම් ආබාධයක් නැතුව වැඩේ කරන විදිහ.

මුලින්ම User හරි නැත්තම් ඕන limited account එකෙන් ලොගින් වෙන්න, admin account එකක් තියෙනවනම් මේක කරන්න ඕනෙ නැහැනෙ. ඒත් Admin එකෙනුත් මේක කරෑකි.

එච්චර් වැඩේ අමාරු නැහැ, Start එක ඔබලා එකෙ run එකට cmd කියල Type කරල OK කරන්න.

ඊට පස්සේ, command prompt එකේ net user කියල type කරන්නකො,


ඒක enter කරාම පෙන්නනව ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන ඔක්කොම profile ටික, මෙන්න මෙහෙම පින්තූරෙ තියෙන විදිහට, මගේ තියෙන profile ඔයගෙ එකට වඩා වෙනස් වෙයි, ඒත් profile පෙන්නනන් විදිහ මතක තියාගන්නකො, ඔය කඩඉරි වලට යටින් තියෙන්නෙ profile ටික තමයි.


දැන් තියෙන්නෙ අපිට ඕන profile එක තොරගෙන එකට ( * ) දාන්න. එක කරන්නෙ මෙහෙමයි, net user administrator * කියල type කරලා Enter කරන්න.
[හැම වචනයක් අතරම හිඩසක් (space) තියන්න අමතක කරන්න එපා. ඒ වගේම මම "Administrator" කියල දාල තියෙන තැනට, ඔයලට මාරු කරන්න ඕන Profile එකේ නම Type කරන්න මතක තියගන්න.]


ඊට පස්සෙ මම කියල දෙන්න ඔනෙත් නැහැනෙ. ඔයාලට කියයි අලුත් Password එකක් type කරන්න කියල එතනට type කරපු එකම ආයෙත් එක enter කරාම confirm කරන්න කියයි, password එක ආයෙමත් එතනට type කරන්න. හැබැයි type කරන එක පෙන්නන්නෙ නැහැ. අඩුම ගානෙ *** ( තරු ) වලින්වත් පෙන්නන්නෙ නැහැ. ඒ ගැන වැඩිය හිතන්නැතුව ඔයා type කරල දාන්න. ඒත් හරියට type කරන්න අමතක කරන්න එපා.


හරි එහෙනම් ඔන්න password එකත් මාරුකරා.. ඒක ෂුවර් කරන්න අන්තිමට the command completed successfully කියල එයි. දැන් ඉතින් පොඩි කික් එකකටත් එක්ක exit කියල type කරලම එකෙන් අයින් වෙන්න. බැ බැ වගේ නම් සාමාන්‍ය window එකක් වගෙ close කරල දාන්න.
දැන් ඉතින් computer එක log off කරලා ඔයා වෙනස් කරපු account එකට ඔයා දාපු password එක ගහල බලන්න. log in වෙයි.

ලේසි ක්‍රමේ පස්සෙ අනිවාර්යෙන්ම කියල දෙන්නම්.

Tuesday, October 20, 2009

2 දෙහිවල සත්ත්ව උද්‍යානය (Dehiwala Zoo)




ඉංග්‍රීසිනට සිරිලක අතහැර දමා ආපසු තම සීතල ගම්බිම් කරා බලා යාමට සිත් පහල වෙමින් තිබූ කාලයක ජෝන් හාගන් බර්ග් නම් ජර්මන් ජාතික යුවලක් විසින් කොළොම්තොට අසල වූ මාපිටිය ( වැල්ලවත්ත ) නම් ගමට ඔබ්බෙන් අක්කර 22ක බිම් කඩෙක පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ආරම්භ කර ඇත. ඒ 1936 වසරේදීය. එතැන් සිට වසර 50ක් පමණ ගියකල රජයට පවරා ගන්නා ලද මෙම උද්‍යානය ආසියාවේ බොහෝ සත්ත්ව උද්‍යාන සමග කරටකර සිටීමට හැකි අයුරින් විකාශනය වී තිබේ.
සත්ත්ව උද්‍යානයේ දුරකතන අංකය : 01-712751 01-712753

මේක උපුටා ගත්තේ :
සිරිලක ඇසූ දුටු තැන් පොතෙන්

0 ජාතික කෞතුකාගාරය ( National Museum)


සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදී මෙය ඉදි කරන ලද අතර 1877 ජනවාරි 1 වැනි දින විවෘත කරනු ලැබ ඇත. මේ මනරම් මන්දිරය ඉතාලි සම්ප්‍රදායකට අනුව ගොඩනගන ලද එකක් වන අතර ජේ. ස්මිතර් නමින් වූ ගෘහනිර්මාණ ශිල්පියාගේ දැනුම මේ හා මුසුවී තිබේ. දෙමහල් සුවිශාල ගොඩනැගිල්ලක් වන මෙහි අගනා, පළල් දැව පඩි පෙළකින් ඉහළ මහල හා බිම් මහල එකිනෙක යාකෙරේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලට අනුග්‍රහය දැක්වූ සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පිළිරුව ඔහුට කෙරෙන උපහාරයක් ලෙස කෞතුකාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට තනා අති අතර ඉන් කෞතුකාගාර පරිශ්‍රවය ඔපවත් වේ. මෙය ශාලා 24කින් පමණ යුත් වන අතර ප්‍රවිෂ්ටවීමේ ශාලාවේදි ඔබට පළමුව දැකගත හැක්කේ තොලුවිල අගනා සමාධි පිළිමයයි. ජාතික කෞතුකාගාරය සිකුරාදා සහ රජයේ නිවාඩු දිනවල වසා තැබේ. ප්‍රවේශ පත් නිකුත් කරන්නේ උදේ 9.00 සිට 4.30 දක්වා පමණි. කොළඹ 07 සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ ඇති කෞතුකාගාරයේ දුරකතනය:
0116947678

මේක උපුටා ගත්තේ: සිරිලක ඇසූ දුටු තැන් පොතෙන්
Image source: travelolanka.com