Wednesday, October 21, 2009

3 XPවලට පාස්වර්ඩ් දාලද? (Xp Tricks)

xp වල Administrator එකට password දාල Lock කරලද? ලේසි ක්‍රම තියෙනව එකෙ password එක අයින් කරන්න.

පොඩි ආබාදෙකට තියෙන්නෙ ඉතින් කලින් පාස්වර්ඩ් එක නැති වෙන එක තමයි. පුරුදු වෙන්නත් එක්ක මේක කරල බලන්න. මම පස්සෙ කියල දෙන්නම් ආබාධයක් නැතුව වැඩේ කරන විදිහ.

මුලින්ම User හරි නැත්තම් ඕන limited account එකෙන් ලොගින් වෙන්න, admin account එකක් තියෙනවනම් මේක කරන්න ඕනෙ නැහැනෙ. ඒත් Admin එකෙනුත් මේක කරෑකි.

එච්චර් වැඩේ අමාරු නැහැ, Start එක ඔබලා එකෙ run එකට cmd කියල Type කරල OK කරන්න.

ඊට පස්සේ, command prompt එකේ net user කියල type කරන්නකො,


ඒක enter කරාම පෙන්නනව ඔයාගෙ කොම්පියුටර් එකේ තියෙන ඔක්කොම profile ටික, මෙන්න මෙහෙම පින්තූරෙ තියෙන විදිහට, මගේ තියෙන profile ඔයගෙ එකට වඩා වෙනස් වෙයි, ඒත් profile පෙන්නනන් විදිහ මතක තියාගන්නකො, ඔය කඩඉරි වලට යටින් තියෙන්නෙ profile ටික තමයි.


දැන් තියෙන්නෙ අපිට ඕන profile එක තොරගෙන එකට ( * ) දාන්න. එක කරන්නෙ මෙහෙමයි, net user administrator * කියල type කරලා Enter කරන්න.
[හැම වචනයක් අතරම හිඩසක් (space) තියන්න අමතක කරන්න එපා. ඒ වගේම මම "Administrator" කියල දාල තියෙන තැනට, ඔයලට මාරු කරන්න ඕන Profile එකේ නම Type කරන්න මතක තියගන්න.]


ඊට පස්සෙ මම කියල දෙන්න ඔනෙත් නැහැනෙ. ඔයාලට කියයි අලුත් Password එකක් type කරන්න කියල එතනට type කරපු එකම ආයෙත් එක enter කරාම confirm කරන්න කියයි, password එක ආයෙමත් එතනට type කරන්න. හැබැයි type කරන එක පෙන්නන්නෙ නැහැ. අඩුම ගානෙ *** ( තරු ) වලින්වත් පෙන්නන්නෙ නැහැ. ඒ ගැන වැඩිය හිතන්නැතුව ඔයා type කරල දාන්න. ඒත් හරියට type කරන්න අමතක කරන්න එපා.


හරි එහෙනම් ඔන්න password එකත් මාරුකරා.. ඒක ෂුවර් කරන්න අන්තිමට the command completed successfully කියල එයි. දැන් ඉතින් පොඩි කික් එකකටත් එක්ක exit කියල type කරලම එකෙන් අයින් වෙන්න. බැ බැ වගේ නම් සාමාන්‍ය window එකක් වගෙ close කරල දාන්න.
දැන් ඉතින් computer එක log off කරලා ඔයා වෙනස් කරපු account එකට ඔයා දාපු password එක ගහල බලන්න. log in වෙයි.

ලේසි ක්‍රමේ පස්සෙ අනිවාර්යෙන්ම කියල දෙන්නම්.

3 comments:

Ruki said...

nice one.

Ranzyth said...

Thank you Sir. because of you only i learnt how to do them.

Ranzyth said...

Thx Honey Poo.

Post a Comment