Tuesday, October 20, 2009

0 ජාතික කෞතුකාගාරය ( National Museum)


සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදී මෙය ඉදි කරන ලද අතර 1877 ජනවාරි 1 වැනි දින විවෘත කරනු ලැබ ඇත. මේ මනරම් මන්දිරය ඉතාලි සම්ප්‍රදායකට අනුව ගොඩනගන ලද එකක් වන අතර ජේ. ස්මිතර් නමින් වූ ගෘහනිර්මාණ ශිල්පියාගේ දැනුම මේ හා මුසුවී තිබේ. දෙමහල් සුවිශාල ගොඩනැගිල්ලක් වන මෙහි අගනා, පළල් දැව පඩි පෙළකින් ඉහළ මහල හා බිම් මහල එකිනෙක යාකෙරේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලට අනුග්‍රහය දැක්වූ සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පිළිරුව ඔහුට කෙරෙන උපහාරයක් ලෙස කෞතුකාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට තනා අති අතර ඉන් කෞතුකාගාර පරිශ්‍රවය ඔපවත් වේ. මෙය ශාලා 24කින් පමණ යුත් වන අතර ප්‍රවිෂ්ටවීමේ ශාලාවේදි ඔබට පළමුව දැකගත හැක්කේ තොලුවිල අගනා සමාධි පිළිමයයි. ජාතික කෞතුකාගාරය සිකුරාදා සහ රජයේ නිවාඩු දිනවල වසා තැබේ. ප්‍රවේශ පත් නිකුත් කරන්නේ උදේ 9.00 සිට 4.30 දක්වා පමණි. කොළඹ 07 සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ ඇති කෞතුකාගාරයේ දුරකතනය:
0116947678

මේක උපුටා ගත්තේ: සිරිලක ඇසූ දුටු තැන් පොතෙන්
Image source: travelolanka.com

0 comments:

Post a Comment