Wednesday, April 20, 2011

1 Blogging with Nokia N900

Hi all. This is a testing post that im updating my posts via my phone using the MaStory software. I hope to post articles, share my knowledge that i learnt from everyone, it will easy to me from this mobile. see you guys ltr.

test



image source: Image

Thursday, April 29, 2010

0 Cricinfo International Scores

Cricinfo International Scores: "Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!"

Tuesday, April 20, 2010

1 Sihina Prarthana

කට්ටිය ලෑස්තිද මගේ අළුත් වැඩක් බලන්න.


ඉඳල ඉඳලා මාත් වෙබ් Site එකට අත දැම්මා. සිහින ප්‍රාර්ථනා කියන්නෙ ඒක. මගේ Blog එකට එන හැමෝටම මම සිහින ප්‍රාර්ථනා එකට එන්න කියල ආරාධනා කරනවා. මාත් එක්ක කථා කරන්නත් පුළුවන්.

පහළ Link එක හරහා වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

Sihina Prarthana

Saturday, April 10, 2010

0 Radio and Live TV

අපේ site එකට රේඩියෝ එකක් හරි ටීවී එකක් හරි දාගන්න තිබ්බනම් මරු නේද?

මම කියල දෙන්නම් දාන විදිය. සිම්පල් කේස් එකක්. එහෙනම් පටන් ගමුද.

මෙහෙමයි කරන්නෙ, මුලින් ඔයාට දාගන්න ඕන ටීවී එක හරි රේඩියෝ එක හරි හොයාගන්න කොහෙන් හරි. මමත් දෙන්නම් ටිකක්.
පස්සෙ ඒකෙ කෝඩින් එක කොපි කරල ඔයාගෙ Site එකට දාන්න. ඒක මෙහෙමයි කරන්නෙ. උදාහරණයක් විදියට මම දෙන කෝඩින් එක දාල බලන්නකෝ. ඒක Y FM රේඩියෝ එක.




Y FM Radio Coding


එළ නේද? වැඩ කරනවද? (සමහර වෙලාවට රේඩියෝ එක අවුල් වෙනවා. වැඩ කරන්නැති වෙනවා. එක ගනන් ගන්නෙපා. ටිකකින් ආයේ වැඩ කරන්න ගනීවි.)
කෝඩින් එක උඩින් Click කරලා Ctrl + a ගහල select all කරලා Ctrl + c ගහල copy කරගන්න. පස්සෙ ඔයගෙ එකට Paste කරගන්න.
මෙන්න තව රේඩියෝ... දාල බලන්න. මේවා මම අරගත්තේ
සියල්ල.කොම් එකෙන්.
Source:
siyalla.com

Sirasa FM


Neth FM


Tharu net


Rhythm FM


Lite FM


Citi FM


Rangiri FM


Velanda Sewaya


Yes FM


E FM


TNL Rocks


Shakthi FM


රේඩියෝ එකනම් හරි නේද.. දැන් බලමු කොහොමද ටීවී එකක් දාන්නෙ කියලා. ඒකත් වැඩි දෙයක් නැහැ. ටීවී එකේ කෝඩින් එක ඔයාගෙ site එකට කොපි කරලා දාන්නයි තියෙන්නෙ. මම අහුලගත්ත ටීවී ටිකක් දෙන්නම්. ඔයාලගෙ එකට දාල බලන්න.





උඩ තියෙන ටීවී එකේ කෝඩින් එක තමයි මේ තියෙන්නෙ. ඉස්සෙල්ල වගේ ඔක්කොම select කරල කොපි කරගන්න. ඊට පස්සෙ කැමති තැනකට කරගන්න. ටීවී එක වැඩ කරනවා නේද? එහෙනම් ඉතින් ට්‍රයි කරලම බලන්නකෝ.

Sirasa TV


ITN

Rupawahini


Derana


Prime TV


Siyatha TV


Max TV



Swarnawahini


ටීවී ටිකනම් අරගත්තෙ ස්පොට්.lk එකෙන්.

source: spot.lk

Friday, April 9, 2010

0 Mobile Broadband Settings







කාලෙකට පස්සෙ නේද?
කට්ටිය දැන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට බැහැලනේ. වැඩෙත් නැගල යනව.
ඔක්කොමත් හරි ඩොංගලෙත් ගත්ත(Dongle, Usb Modem), සිම් එකත් දැම්ම (SIM Card), ඒත් නෙට් කනෙක්ට් වෙන්නැහැනෙ. අවුල තමයි සෙට්ටින්ග්ස් නැති එක. මාත් ඉගෙන ගත්තු කෑලි ටිකක් මේකෙ තියෙනවා. මමත් ට්‍රයි කරල බලලා තියෙනවා. ඔයාලත් කරලා බලන්න



First you have to do is install and open your drivers software that comes with your USB modem ( I have an Etisalat 3.5G USB Modem so It don't have a mobile partner software. but this is similar to mobile partner software. I think the difference is only the colors and there operator name. It's Huawei E1550 Modem ) and then go to "Tools --> Options --> Profile management".

මුලින්ම මොඩ්ම් එක ගහලා Drivers ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට software එක ඇරලා ඒකෙ Tools --> Options --> Profile management වලට යන්න.
( මම පාවිච්චි කරන්නේ Etisalat 3.5G USB Modem එකක්. ඔයාලගේ ගොඩක් විට ඇත්තෙ Mobile Partner කියල Software එකක්, එත් මම දාල තියෙන එකයි, ඒකයි ගොඩක් සමානයි. වෙනසකට තියෙන්නෙ පාටයි, අයිති ආයතනයේ නමයි විතරයි. ඒක Huawei E1550 Modem එකක්. )

Click on "New" then type any profile name as you like. ( e.g. , Airtel, M3, Dialog3G, or your name)

New කියලා තියෙන එක ඔබල වැඩේ පටන් ගමු. එකට නමක් දාන්න ඕනා, කැමති නමක් දාන්න පුළුවන්. ( උදා: Airtel, M3, Dialog3G හෝ ඔයාගෙ නම උනත් පුළුවන්)

Change APN to
"Static" and type the APN that suit for your network operator.

දැන් APN එක Static වලට මාරැකර ගන්න ඕනා. පස්සේ තමන් භාවිතා කරන ජාලයට ගැලපෙන APN එක ඇතුල් කරන්න.

You don't need to change authentication

Access Number : *99#
User name:
Password:

*keep user name and the password area BLANK

ඊළඟට තියෙන authentication එකේනම් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒවා තියෙන විදියටම තියන්න. සාමාන්‍යයන් පවතින්නෙ මෙහෙමයි. වෙනස් වෙලා නම් ඒක හදාගන්න.






Access Number : *99#
User name:
Password:

*user name එක සහ password එක හිස්ව තියන්න.

Then click on "Save -> Set as Default -> OK"
Try to connect... And then you can experience the Speed of mobile broadband.
ඊට පස්සෙ Save කරලා Set as Default කරලා OK කරන්න. දැන් Connect බොත්තම ඔබලා බලන්න.
වේගය අත්විදින්න.






Airtel Settings For Broadband







For Celebration 300 and Celebration 600 type AIRTELLIVE as APN
And for Unlimited package type AIRTELDATA
*APN must type as its shown


Mobitel Settings For Broadband

For zoom 490, zoom 890, zoom 1290
type mobitel3g as yout APN






*APN must type as its shown

Use the same APN for 3G Delight.


Dialog Settings For Broadband

APN for Prepaid users type ppwap



APN for Postpaid users type dialogbb







*APN must type as its shown

Thursday, November 26, 2009

0 Get Your Own Chat - අපිටම කියලා චැට් රූම් එකක්

අපිටම කියලා චැට් රූම් එකක්

අපිටම කියලා චැට් රූම් එකක් හදන විදිහ මම කියලා දෙන්නම්. අපේ Web Site එකට ඒක දාල යාළුවොන්ටත්
කතා කරල, සෙට් වෙලා චැට් කරන්න පටන් ගමු..

මුලින්ම නොමිලේ අපිට හම්බෙන චැටැන්ගෝ (chatango) එකෙන් චැට් එකක් අපිට ඕන විදිහට, අපේ site එකට ගැලපෙන විදිහට හදාගමු. මේක Click කරලා Chatango එකට යමු.



දැන් Create a public group කියන එක Click කරන්න. ඊට පස්සෙ එන ටික තමන්ට කැමති විදියට ගැලපෙන පාටවල් දාල හදා ගන්න. (step : 1 Create your group)


Chatango එකට Login වෙන්න, නැත්තම් අලුත් Profile එකක් හදාගන්න වෙනවා. ඊට පස්සෙ sign in කරන්න.. (step : 2 Group owner information)



දැන් හදලා ඉවරයි. දාන්නයි තියෙන්න, මෙහෙමයි ඒක කරන්නෙ...
manually past this code into.... කියන එකට යටින් තියෙන code copy කරලා ඔයාලගෙ site එකේ Chat එක එන්න ඕන තැනට paste කරන්න. (step : 3 put this group on your web pages)



ඊට පස්සෙ Page එක Run කරල බලන්න. Chat එක ඇවිත් තියෙයි. මගේ යාලුවෙක්ගෙ Chat එකක් මම මේකට දානව. ඔයලට උදාහරණයක් විදිහට බලන්න. මේක අරුමපුදුම.කොම් එකෙන් අරගත්තෙ..


Thursday, October 22, 2009

0 OPH Crack - View login passwords in XP & Vista



අපි කලින් cmd එකෙන්නෙ lock අයින් කරේ. දැන් වෙන ක්‍රමේකට කරමු.

මම log in password හොයන ක්‍රම හොයන්න ගත්තේ මෙහෙමයි, මම ඉස්සර විනෝදාංශයක් විදිහට computer හැදුවා නෑදෑයින්ගෙ.. තාමත් කිවුවම ඉතින් ගිහිල්ලා බලනවා අවුල මොකක්ද කියල. මොනා උනත් කෙල්ලො තමයි computer විනාසයේ මුල ( විහිලුවට කිවුවෙ ) ඇත්තක් නැත්තෙමත් නෑ ඉතින්. ඔන්න ඉතින් දවසක් මට computer එකක් හදන්න සෙට් උනා. එකට password දාල. Format කරන්නත් බැහැ ෆයිල් වගයක් ඕනලු. කෙල්ලෙක් ලග password එක තියෙනව එත් මට තියා සක්කරයා ආවත් දෙන්නෙ නෑ, මමත් ගේම නම් ගේම කියල GOOGLE කරල හොයගත්තා නියම භාණ්ඩයක්. එකෙන් ඉතින් මම computer ගොඩකම දන්නැති, අමතක වුන password හොයාගත්තා. password වලටත් තියෙනව මරු මරු නම්. මගෙ මනුස්ස කම නිසා ඉතින් එයාගෙ password එක ගෙදර අයට පෙන්නුවෙ නැහැ. අනේ මන්ද හැමෝම දාන්නෙ අන්ජබජල් password තමයි. ඔයාලත් කරලා බලන්නකෝ.

වැඩේට software එකක් ඕන වෙනවා. මේකෙ තියෙන හොදකම තමයි password reset වෙන්නෙ නැහැ. log in වලට දාල තියෙන password බැළුවැකි. බලල ඉතින් එකට ඔයලා කැමති දෙයක් කරන්න. මම නම් මුකූත් කියන්නෙ නෑ. වැඩේ නම් කිරි ගහට ඇන්න වගේ, පොඩ්ඩක්වත් බයවෙන්නෙපා.


OPH Crack මේක තමයි බාගන්න ඕනා. iso ෆයිල් එක සීඩි එකකට Burn කරගන්නත් ඕන. එක ඉතින් කැමති computer එකකට දාල password බලාගත්තැකි. හැබැයි Vista, XP වලට වෙන වෙනම CD තියෙන්නේ, ඔයාලා බලන්න හදන පරිගණකයේ OS එක පොඩ්ඩක් බලලා download කරගන්න.
Download කරගත්තු .iso file එක CD එකකට Burn කරන් ඉන්න. Burn කරන්න magic iso එක දාගත්තනම් ලේසී. Nero එකෙනුත් පුලුවන්. මම බැලුවෙ Nero 8 එකෙන්. අනිත් එවා කොහොමද දන්නෙ නෑ.
දැන් ඉතින් ඔය CD එක පෙන්නල කාව හරි බය කරන එකයි තියෙන්නෙ. ;)

සීඩී එකට burn කරපු ගමන් password එන්නෙ නැහැනෙ. දැන් මෙහෙමයි ඔය cd එක පාවිච්චි කරලා password හොයාගන්නෙ, හොදට අහගන්න.
ඔයාගෙ අතේ තියෙන cd එක rom එකට දාන්න. ඊට පස්සෙ computer එක restart කරන්න ඕන. එකට කලබල වෙන්නෙපා හිමින් සාමාන්‍ය විදිහට restart කරන්න.

ON වෙනකොට ඉබේම (auto) computer එක boot වෙයි.
එහෙම චුනේ නැත්තම් boot from cd drive enable කරන්න වෙනවා (තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න, මම කියල දෙන්නම්).



boot කරාම එන screen එකෙන් ophcrack gaphic mode කියන එක තෝර ගන්න.ඊට පස්සෙ වැඩේ නිකන්ම වෙයි එතකන් ටිකක් බලන් ඉන්න ලස්සන අකුරු වගයක් යනවා. අන්තිමට gaphical screen එකකින් නතරවෙයි. එකෙදි අපෙ password එක scan කරල හොයාගෙන පෙන්නනවා.



පින්තූරෙ රතු පාටෙන් ඇදල තියෙන්නෙ මගේ password ඒක තමයි. ඔයලගේ account name එක ඉස්සරහ මේ විදිහට password එක පෙන්නයි. එක මතක තියාගෙන ආයේ computer එක restart කරලා ඒ account name එක select කරලා මතක තියාගත්තු password එක දෙන්න. log in වෙයි. එච්චර අමාරු නැහැ,
හරි ගියේ නැත්තම් කියන්න. (පින්තූර quality නෑ නේ මොනා කරන්නද ඉතින්, තියෙන පහසුකම් වලින් වැඩේ කරන්නත් එපැයි)