Thursday, October 22, 2009

0 OPH Crack - View login passwords in XP & Vista



අපි කලින් cmd එකෙන්නෙ lock අයින් කරේ. දැන් වෙන ක්‍රමේකට කරමු.

මම log in password හොයන ක්‍රම හොයන්න ගත්තේ මෙහෙමයි, මම ඉස්සර විනෝදාංශයක් විදිහට computer හැදුවා නෑදෑයින්ගෙ.. තාමත් කිවුවම ඉතින් ගිහිල්ලා බලනවා අවුල මොකක්ද කියල. මොනා උනත් කෙල්ලො තමයි computer විනාසයේ මුල ( විහිලුවට කිවුවෙ ) ඇත්තක් නැත්තෙමත් නෑ ඉතින්. ඔන්න ඉතින් දවසක් මට computer එකක් හදන්න සෙට් උනා. එකට password දාල. Format කරන්නත් බැහැ ෆයිල් වගයක් ඕනලු. කෙල්ලෙක් ලග password එක තියෙනව එත් මට තියා සක්කරයා ආවත් දෙන්නෙ නෑ, මමත් ගේම නම් ගේම කියල GOOGLE කරල හොයගත්තා නියම භාණ්ඩයක්. එකෙන් ඉතින් මම computer ගොඩකම දන්නැති, අමතක වුන password හොයාගත්තා. password වලටත් තියෙනව මරු මරු නම්. මගෙ මනුස්ස කම නිසා ඉතින් එයාගෙ password එක ගෙදර අයට පෙන්නුවෙ නැහැ. අනේ මන්ද හැමෝම දාන්නෙ අන්ජබජල් password තමයි. ඔයාලත් කරලා බලන්නකෝ.

වැඩේට software එකක් ඕන වෙනවා. මේකෙ තියෙන හොදකම තමයි password reset වෙන්නෙ නැහැ. log in වලට දාල තියෙන password බැළුවැකි. බලල ඉතින් එකට ඔයලා කැමති දෙයක් කරන්න. මම නම් මුකූත් කියන්නෙ නෑ. වැඩේ නම් කිරි ගහට ඇන්න වගේ, පොඩ්ඩක්වත් බයවෙන්නෙපා.


OPH Crack මේක තමයි බාගන්න ඕනා. iso ෆයිල් එක සීඩි එකකට Burn කරගන්නත් ඕන. එක ඉතින් කැමති computer එකකට දාල password බලාගත්තැකි. හැබැයි Vista, XP වලට වෙන වෙනම CD තියෙන්නේ, ඔයාලා බලන්න හදන පරිගණකයේ OS එක පොඩ්ඩක් බලලා download කරගන්න.
Download කරගත්තු .iso file එක CD එකකට Burn කරන් ඉන්න. Burn කරන්න magic iso එක දාගත්තනම් ලේසී. Nero එකෙනුත් පුලුවන්. මම බැලුවෙ Nero 8 එකෙන්. අනිත් එවා කොහොමද දන්නෙ නෑ.
දැන් ඉතින් ඔය CD එක පෙන්නල කාව හරි බය කරන එකයි තියෙන්නෙ. ;)

සීඩී එකට burn කරපු ගමන් password එන්නෙ නැහැනෙ. දැන් මෙහෙමයි ඔය cd එක පාවිච්චි කරලා password හොයාගන්නෙ, හොදට අහගන්න.
ඔයාගෙ අතේ තියෙන cd එක rom එකට දාන්න. ඊට පස්සෙ computer එක restart කරන්න ඕන. එකට කලබල වෙන්නෙපා හිමින් සාමාන්‍ය විදිහට restart කරන්න.

ON වෙනකොට ඉබේම (auto) computer එක boot වෙයි.
එහෙම චුනේ නැත්තම් boot from cd drive enable කරන්න වෙනවා (තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න, මම කියල දෙන්නම්).



boot කරාම එන screen එකෙන් ophcrack gaphic mode කියන එක තෝර ගන්න.ඊට පස්සෙ වැඩේ නිකන්ම වෙයි එතකන් ටිකක් බලන් ඉන්න ලස්සන අකුරු වගයක් යනවා. අන්තිමට gaphical screen එකකින් නතරවෙයි. එකෙදි අපෙ password එක scan කරල හොයාගෙන පෙන්නනවා.



පින්තූරෙ රතු පාටෙන් ඇදල තියෙන්නෙ මගේ password ඒක තමයි. ඔයලගේ account name එක ඉස්සරහ මේ විදිහට password එක පෙන්නයි. එක මතක තියාගෙන ආයේ computer එක restart කරලා ඒ account name එක select කරලා මතක තියාගත්තු password එක දෙන්න. log in වෙයි. එච්චර අමාරු නැහැ,
හරි ගියේ නැත්තම් කියන්න. (පින්තූර quality නෑ නේ මොනා කරන්නද ඉතින්, තියෙන පහසුකම් වලින් වැඩේ කරන්නත් එපැයි)

0 comments:

Post a Comment